ලෝකඩ පදක්කමක් දිනා ඉතිහාසය රනින් ලියූ නෙත්මි

වයස අවුරුදු 23න් පහළ ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ඊයේ (20) සමත් වුණා.

ආසියානු තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙවැනි දක්ෂතාවක් දැක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවටවීම විශේෂත්වයක්.

නෙත්මි අහිංසා මෙම තරගය ජයගත්තේ කසකස්ථානයේ නිලුෆර් රයිමෝවා ක්‍රීඩිකාව ලකුණු 12ට 04ක් ලෙස පරාජය කරමින්.

වියට්නාමයේ සත්කාරකත්වයෙන් මෙවර ආසියානු මල්ලවපොර ශූරතාවලිය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?