ලොහාන්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම සලකා බැලීම නොවැම්බර් 19 වැනිදා

පසුගියදා (31) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එම පෙත්සම එළඹෙන 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (11) දිනයේ දී නියම කළ බවයි.

මිරිහාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේගේ නිවසෙහි නවතා තිබූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ විදේශියෙන් ආනයනය කොට මෙරට දී එකලස් කළ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබා ගැනීම සහ භාවිත කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳව අත් අඩංගුවට ගෙන නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළා.

මෙවන් පසුබිමක දී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත පෙත්සමක් යොමුජ් කරමින් සිය සේවාදායකයාව ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියා.

එම පෙත්සමයි මෙලෙස නොවැම්බර් 19 වැනිදා කැඳවීමට නියෝග කෙරුණේ.

එමෙන්ම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශෂී මහීන්ද්‍රන් යන විනිසුරු මඬුල්ල විසින් අදාළ පෙත්සම කැඳවීමට දින ලබාදෙමින් ප්‍රකාශ කළේ වග උත්තරකාර පාර්ශ්වයන් වන පොලිස්පති ඇතුළු පිරිසට නොතීසි යැවීමට පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?