ලොහාන්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම සලකා බැලීම නොවැම්බර් 19 වැනිදා

පසුගියදා (31) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එම පෙත්සම එළඹෙන 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (11) දිනයේ දී නියම කළ බවයි.

මිරිහාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේගේ නිවසෙහි නවතා තිබූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ විදේශියෙන් ආනයනය කොට මෙරට දී එකලස් කළ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබා ගැනීම සහ භාවිත කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳව අත් අඩංගුවට ගෙන නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළා.

මෙවන් පසුබිමක දී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත පෙත්සමක් යොමුජ් කරමින් සිය සේවාදායකයාව ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියා.

එම පෙත්සමයි මෙලෙස නොවැම්බර් 19 වැනිදා කැඳවීමට නියෝග කෙරුණේ.

එමෙන්ම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශෂී මහීන්ද්‍රන් යන විනිසුරු මඬුල්ල විසින් අදාළ පෙත්සම කැඳවීමට දින ලබාදෙමින් ප්‍රකාශ කළේ වග උත්තරකාර පාර්ශ්වයන් වන පොලිස්පති ඇතුළු පිරිසට නොතීසි යැවීමට පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58