AFC Banner
AFC Banner
Empty Ad

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය ඇරඹේ

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

චීන ජල විදුලි සංවර්ධන සමාගම අද (31) මේ බව නිවේදනය කළා.

වර්තමානයේ ලෝකයේ විශාලතම පොම්ප කරන ලද බලශක්ති සංචිත ජල විදුලි බලාගාරය වන චීනයේ හෙබෙයි ෆෙන්ග්නිං බලාගාරයේ අවසන් විචල්‍ය වේග මාපක යන්ත්‍රය නිල වශයෙන් වාණිජ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමඟ එම විදුලි බලාගාරය විදුලි බල උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ෆෙන්ග්නිං විදුලි බලාගාරය චීනයේ හෙබෙ පළාතේ චෙන්ග්ඩේ නගරයේ ෆෙන්ග්නිං මැන් ජාතික ස්වායත්තයේ පිහිටා තිබෙනවා.

එම විදුලි බලාගාරය චීනයේ බෙයිජිං නගරය, ටියැන්ජිං නගරය හා හෙබෙයි පළාත යන ප්‍රදේශවල විදුලි බල සැපයුම් මධ්‍යස්ථානය මෙන්ම උතුරු හෙබෙයි පළාතේ කිලෝවොට් මිලියන 10ක මට්ටමේ නව බලශක්ති මධ්‍යස්ථානයට ද ආසන්නවයි පිහිටා ඇත්තේ.

එම විදුලි බලාගාරයේ ස්ථාපිත ධාරිතාවය කිලෝවොට් මිලියන 3.6ක් වන අතර, සැලසුම් කරන ලද වාර්ෂික විදුලි බල උත්පාදනය කිලෝවොට් පැය බිලියන 6.612ක්.

එමෙන්ම වාර්ෂිකව පොම්ප කරන ලද බලශක්ති උත්පාදනය කිලෝවොට් පැය බිලියන 8.716ක්. 

ෆෙන්ග්නිං විදුලි බලාගාරය ජල විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු වසරකට සම්මත ගල් අඟුරු ටොන් ලක්ෂ 4.808 ක් ඉතිරි කර ගත හැකි අතර, ඉන් සෑම වසරකම කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් මිලියන 1.2 කින් අඩු කළ හැකි බව ද වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?