ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් ඉර අසළටම යයි

ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කළ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබේ. කොරෝනා ලෙස හැඳින්වෙන සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට මෙලෙස ඇතුළු වූයේ ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නමැති අභ්‍යාවකාශ යානයය.

මෙතෙක් ගගනගාමීන් සේම අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේද කුතුහලයට බඳුන්ව තිබූ සූර්යයාගෙන් නික්මෙන චුම්බක ක්ෂේත්‍ර හා අංශු පිළිබඳව පුළුල් ගවේෂණයක නිරත වීම මෙම යානයෙන් අරමුණු කර තිබේ. සූර්යයා පිළිබඳ බොහෝ කාරුණු එමගින් හෙළි කරගනු ඇති බව විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවය. මෙය මිනිසා පළමු වරට සඳ මත පා තැබීම හා සමාන ඓතිහාසික වැදගත් කමකින් යුතු සිද්ධියක් බව නාසා ආයතනය පවසයි.

2018 වසරේදි අභ්‍යාවකාශයට මුදාහැරි පාකර් සෝලර් ප්‍රෝබ් යානය ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වන ඉයුජීන් පාකර්ගේ නමින් නම් කරනු ලැබූවකි. සූර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.8කට මෙපිටින් ගමන් කරමින් සිටි පාකර් සෝලර් ප්‍රෝබ් අලුත් චාරිකාවේදී බුධගේ කක්ෂය හරහාද ගමන් කරනු ඇත. 1,377 ° C තරම්වු තාපයකට නිරාවරණය වීමෙන් ආරක්ෂාවීම සදහා මෙම යානය අඟල් 4.5ක් ඝනකමැති සුවිශේෂි කාබන් සංයුක්ත ආවරණයක් සහිතව නිර්මාණය කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?