ලොව ධනවත්ම පුද්ගලයාගේ ඔටුන්න එලොන් මස්ක්ගෙන් ගැලවෙයි

එලොන් මස්ක්ගේ නම ඉදිරියේ ලිය වී තිබූ ලොව ධනවත්ම පුද්ගලයාගේ නාමය ඔහුගෙන් ගැලවී ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ එලොන් මස්ක්ට හිමි ටෙස්ලා ඉන්කෝපරේෂන් හි කොටස් 7.2% කින් පහත වැටීමත් සමඟ ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන තැන දක්වා පහතට පැමිණීමට ඔහුට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මේ වනවිට ලොව ධවත්ම පුද්ගලයා බවට පත්වීමට ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට හැකිව තිබෙනවා.

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ මේ වනවිට ඉහළම ස්ථානයේ සිටින ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200.3ක්.

මේ වනවිට එහි දෙවන තැනට පත්ව සිටින එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 197.7ක් ලෙසටයි.

52 හැවිරිදි එලොන් මස්ක් සහ ජෙෆ් බෙසෝස් අතර ධන පරතරය එක් අවස්ථාවක දී ඇමරිකානු ඩොලර් බිලියන 142ක් තරම් පුළුල්ව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
11
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?