ලොව ධනවත්ම පුද්ගලයාගේ ඔටුන්න එලොන් මස්ක්ගෙන් ගැලවෙයි

එලොන් මස්ක්ගේ නම ඉදිරියේ ලිය වී තිබූ ලොව ධනවත්ම පුද්ගලයාගේ නාමය ඔහුගෙන් ගැලවී ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ එලොන් මස්ක්ට හිමි ටෙස්ලා ඉන්කෝපරේෂන් හි කොටස් 7.2% කින් පහත වැටීමත් සමඟ ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන තැන දක්වා පහතට පැමිණීමට ඔහුට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මේ වනවිට ලොව ධවත්ම පුද්ගලයා බවට පත්වීමට ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට හැකිව තිබෙනවා.

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ මේ වනවිට ඉහළම ස්ථානයේ සිටින ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200.3ක්.

මේ වනවිට එහි දෙවන තැනට පත්ව සිටින එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 197.7ක් ලෙසටයි.

52 හැවිරිදි එලොන් මස්ක් සහ ජෙෆ් බෙසෝස් අතර ධන පරතරය එක් අවස්ථාවක දී ඇමරිකානු ඩොලර් බිලියන 142ක් තරම් පුළුල්ව පැවතියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14