ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්?

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ .

පසුගිය ජුනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කරනු ලැබුවේ ලෝක ආහාර වැඩසටහන මගිනි.

සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව වාර්තාව මගින් ද ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර අදාළ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක ආහාර ආනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බවයි.

උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහ යේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එම අවදානමට ළංවෙමින් පවතින බව සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?