රවීගේ සහ අර්ජුන්ගේ නඩුවේ වැඩිදුර විභාගය ලබන 14 වැනිදා

අල්ලස් පනත යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 14 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළා.

ඒ එම නඩුව අද (6) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දී යි.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන 14 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

2016 වසරේ පෙබරවාරි මස 12 වැනිදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විත්තිකාර රවී කරුණායක අදාල නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රවි කරුණාකට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.

එම කටයුත්තට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව එම කොමිසම විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56