ලොව අංක 1 ටෙනිස් ශූරයා; ශ්‍රේණිගත කිරීම්හි අංක 4 ට පරදියි

මේ දිනවල පැවැත්වෙන ATP ටෙනිස් ශූරතා තරගාවලියේ පිරිමි කණ්ඩායම් තරගයේ දී ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි මුලසුන හොබවන සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික් ව අමිහිරි පරාජයක් අත්කර දෙන්නට ඉතාලියේ ටෙනිස් ශූර ජැනික් සිනර් සමත් වුණා.

මෙම තරගය පෙරේදා දිනයේ දී නිමාවට පත් වූයේ; ATP ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 5490ක් හිමිකරගනිමින් සිටින ඉතාලි ජාතික ශූරයාට ජයග්‍රහණය හිමිකර දෙමින්.

තරග 19ක් අඛණ්ඩ ව ජයගෙන සිටි නොවැක්ගේ මෙම පරාජය දැඩි කතාබහකට මුල පුරා තිබෙනවා.

මෙවර ATP තරගාවලිය පැවැත්වෙන්නේ ඉතාලියේ ටියුරින් නගරයේ දී යි.

ජැනික් සිනර්ගේ මෙම ජයග්‍රහණයත් සමග නොවැක් එතෙක් මෙතෙක් රැකගෙන ආ නොබිඳුණු ජයග්‍රහණ 19 බිඳ වැටෙනවා.

22 හැවිරිදි සිනර් කණ්ඩායම් තරගයේ දී නොවැක් ව පරාජයට පත් කළේ තරග වට 7-5ක්, 6-7ක්, (5-7) 7-6ක් සහ (7-2)ක් ලෙසයි.

24 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරයාට එරෙහි ව සිනර්ගේ පළමු වෘත්තීය ජයග්‍රහණය ද මෙය වනවා.

ATP ජයග්‍රහණයෙන් පසු ලොව අංක 4 ඉතාලි ජාතිකයා පැවසුවේ එම තරගය ඇත්ත වශයෙන් ම ඉහළ මට්ටමේ තරගයක් බවටයි.

තමන් සහ නොවැක් ඉතාමත් හොඳින් බුද්ධිමත් ව ක්‍රීඩා කරන බවට තමන්ට හැඟුණු බව ද සිනර් සඳහන් කළා.

මෙම තරගයේ ජයග්‍රහණය සෙවූ නොවැක්ට සිනර් එල්ල කළ දැවැන්ත ප්‍රහාර ඇතැම් අවස්ථාවල දරාගත නොහැකි අවස්ථාවන් ද දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?