ලොව අංක 1 ටෙනිස් ශූරයා; ශ්‍රේණිගත කිරීම්හි අංක 4 ට පරදියි

මේ දිනවල පැවැත්වෙන ATP ටෙනිස් ශූරතා තරගාවලියේ පිරිමි කණ්ඩායම් තරගයේ දී ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි මුලසුන හොබවන සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික් ව අමිහිරි පරාජයක් අත්කර දෙන්නට ඉතාලියේ ටෙනිස් ශූර ජැනික් සිනර් සමත් වුණා.

මෙම තරගය පෙරේදා දිනයේ දී නිමාවට පත් වූයේ; ATP ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 5490ක් හිමිකරගනිමින් සිටින ඉතාලි ජාතික ශූරයාට ජයග්‍රහණය හිමිකර දෙමින්.

තරග 19ක් අඛණ්ඩ ව ජයගෙන සිටි නොවැක්ගේ මෙම පරාජය දැඩි කතාබහකට මුල පුරා තිබෙනවා.

මෙවර ATP තරගාවලිය පැවැත්වෙන්නේ ඉතාලියේ ටියුරින් නගරයේ දී යි.

ජැනික් සිනර්ගේ මෙම ජයග්‍රහණයත් සමග නොවැක් එතෙක් මෙතෙක් රැකගෙන ආ නොබිඳුණු ජයග්‍රහණ 19 බිඳ වැටෙනවා.

22 හැවිරිදි සිනර් කණ්ඩායම් තරගයේ දී නොවැක් ව පරාජයට පත් කළේ තරග වට 7-5ක්, 6-7ක්, (5-7) 7-6ක් සහ (7-2)ක් ලෙසයි.

24 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරයාට එරෙහි ව සිනර්ගේ පළමු වෘත්තීය ජයග්‍රහණය ද මෙය වනවා.

ATP ජයග්‍රහණයෙන් පසු ලොව අංක 4 ඉතාලි ජාතිකයා පැවසුවේ එම තරගය ඇත්ත වශයෙන් ම ඉහළ මට්ටමේ තරගයක් බවටයි.

තමන් සහ නොවැක් ඉතාමත් හොඳින් බුද්ධිමත් ව ක්‍රීඩා කරන බවට තමන්ට හැඟුණු බව ද සිනර් සඳහන් කළා.

මෙම තරගයේ ජයග්‍රහණය සෙවූ නොවැක්ට සිනර් එල්ල කළ දැවැන්ත ප්‍රහාර ඇතැම් අවස්ථාවල දරාගත නොහැකි අවස්ථාවන් ද දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16