අරාබියට ටෙනිස් වසන්තය ගෙන ආ සික්ස් කිංග්ස් ස්ලෑම් 2025 තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට ඉතාලියේ ජැනික් සින්නර් සමත් වුණා.
ඒ, ඊයේ (18) රාත්‍රියේ සෞදි අරාබියේ රියාද්හි පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ ලොව අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් පරාජය කරමින්.
ලොව අංක එකේ ක්‍රීඩක කාලෝස් අල්කරාස් මෙම තරගයේ දී පරාජය කළ ජැනික් සින්නර්ට ජාත්‍යන්තර ටෙනිස් පිටියේ ශුරතාවයක් වෙනුවෙන් ලබාදෙන ඉහළම ත්‍යාග මුදලට හිමිකම් කීමට සමත් වුණා.
සෞදි අරාබියේ ‘සික්ස් කිංග්ස් ස්ලෑම්’ ටෙනිස් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් මිලියන 4.5ක් වනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේ ඇමරිකානු විවෘත තරඟාවලියේ දී ජැනික් සින්නර්, ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් හමුවේ පරාජයට පත්වීමෙන් මසකට පමණ පසු ජැනික් සින්නර් විසින් සික්ස් කිංග්ස් ස්ලෑම් තරගාවලියේ දී කාලෝස් අල්කරාස් පරාජය කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.
ලොව ප්‍රමුඛතම ටෙනිස් ක්‍රීඩකයින් හයදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සික්ස් කිංග්ස් ස්ලෑම් තරගාවලියේ මෙවර පැවැත්වුණේ දෙවැනි වරටයි.
මෙම තරගාවලිය වෙනුවෙන් සභාගීවන ක්‍රීඩකයින් හයදෙනාට සහභාගීත්වය වෙනුවෙන් එක් ක්‍රීඩකකුට ඩොලර් මිලියන 1.5ක දීමනාවක් පිරිනැමීම ද විශේෂත්වයක්.
ඒ, අනුව මෙවර සික්ස් කිංග්ස් ස්ලෑම් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ ඉතාලියේ ජැනික් සින්නර්ට හිමි වූ සමස්ත මුදල ඩොලර් මිලියන හයක්.





