ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා පරාජය කරමින් 2025 සික්ස් කිංග්ස් ස්ලෑම් ශූරතාව ජැනික් සින්නර්ට

අරාබියට ටෙනිස් වසන්තය ගෙන ආ සික්ස් කිංග්ස් ස්ලෑම් 2025 තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට ඉතාලියේ ජැනික් සින්නර් සමත් වුණා.

ඒ, ඊයේ (18) රාත්‍රියේ සෞදි අරාබියේ රියාද්හි පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ ලොව අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් පරාජය කරමින්.

ලොව අංක එකේ ක්‍රීඩක කාලෝස් අල්කරාස් මෙම තරගයේ දී පරාජය කළ ජැනික් සින්නර්ට ජාත්‍යන්තර ටෙනිස් පිටියේ ශුරතාවයක් වෙනුවෙන් ලබාදෙන ඉහළම ත්‍යාග මුදලට හිමිකම් කීමට සමත් වුණා.

සෞදි අරාබියේ ‘සික්ස් කිංග්ස් ස්ලෑම්’ ටෙනිස් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් මිලියන 4.5ක් වනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ ඇමරිකානු විවෘත තරඟාවලියේ දී ජැනික් සින්නර්, ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් හමුවේ පරාජයට පත්වීමෙන් මසකට පමණ පසු ජැනික් සින්නර් විසින් සික්ස් කිංග්ස් ස්ලෑම් තරගාවලියේ දී කාලෝස් අල්කරාස් පරාජය කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

ලොව ප්‍රමුඛතම ටෙනිස් ක්‍රීඩකයින් හයදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සික්ස් කිංග්ස් ස්ලෑම් තරගාවලියේ මෙවර පැවැත්වුණේ දෙවැනි වරටයි.

මෙම තරගාවලිය වෙනුවෙන් සභාගීවන ක්‍රීඩකයින් හයදෙනාට සහභාගීත්වය වෙනුවෙන් එක් ක්‍රීඩකකුට ඩොලර් මිලියන 1.5ක දීමනාවක් පිරිනැමීම ද විශේෂත්වයක්.

ඒ, අනුව මෙවර සික්ස් කිංග්ස් ස්ලෑම් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ ඉතාලියේ ජැනික් සින්නර්ට හිමි වූ සමස්ත මුදල ඩොලර් මිලියන හයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49