ලොවක් ආදරය කළ අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවසන් ගමන් යයි (වීඩියෝ)

ස්වර්ගස්ථ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙරට වේලාවෙන් අද (26) පස්වරු 4.45ට පමණ සිදු කෙරුණා.

ඒ, රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ දීයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුවයි උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ දී සිදුකරනු ලැබුවේ.

කෙසේ වෙතත් භූමදාන කටයුතු මහජනතාව වෙනුවෙන් විවෘත නොකිරීමටයි කටයුතු කර තිබුණේ.

1903 දී ස්වර්ගස්ථ වූ XIII ලියෝ පාප් වහන්සේගෙන් පසු වතිකානයෙන් පිටත දේහය තැන්පත් කරන ලද පළමු පාප් වහන්සේ වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේයි.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂයෙන් මරිය තුමියට කැප වී සිටි අතර, 4 වන සියවසේදී ඉදිකර ඇති මෙම සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථාන ඇය වෙනුවෙන් කැප කරන ලද පළමු පල්ලිය වනවා.

අවසන් කටයුතු වෙනුවෙන් විශේෂ රථ පෙරහැරකින් පාප් වහන්සේගේ දේහය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සිට රෝමය බලා රැගෙන අවා.

කිලෝ මීටර් 06ක් පමණ දුරකින් යුත් එම ගමන් මාර්ගය දෙපස රැස්වී සිටි බැතිමතුන් උන්වන්සේට සුබ ගමන් ප්‍රර්ථනා කරමින් අවසන් ගෞරව දැක්වූවා.

වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය අද (26) දහවල් 1.30ට පමණ ආරම්භ වූ අතර, ඒ සඳහා 250,000ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවයි වතිකානය නිවේදනය කළේ.

මෙම අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් සහභාගි වී සිටි අතර, ලොව නන්දෙසින් පැමිණි කාදිනල්වරුන් සහ කතෝලික පූජකතුමන්ලා ඊට සහභාගි වී සිටි බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉල්ලීමට අනුව ඔහු තෝරාගත් නාමයේ ලතින් අනුවාදය වන “ෆ්‍රැන්සිස්කස්” යන නම පමණක් සහිත බිමෙහි සරල සොහොන් ගෙයක ඔහුගේ දේහය තැන්පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම හෙට (27) උදෑසන සිට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත්කර ඇති සොහොන නැරඹීමට ජනතාවට හැකි බවයි වතිකානය නිවේදනය කළේ.

ඇති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී පසුගිය 21 වනදා ස්වර්ගස්ථ වුණා.

ස්වර්ගස්ථ වන විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 88 වන වියේ පසු වුණා

දුප්පත් ජනතාව, ලෝක සාමය, සමලිංගික ප්‍රජාව වෙනුවෙන් සැමවිටම පෙරමුණේ සිටගත් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලොවපුරා ජනතාව අතර ආදරණීය චරිතයක් බවට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03