මදුරන්කුලිය පොලිස් වසමේ කිලාමඩුච්චේන ප්‍රදේශයේ දී ලොරි රථයක පාපැදියක් ගැටී, පාපැදියේ ගමන් ගත් පිරිමි ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (05) සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 08 සහ 13 වයස්වල පසුවූ කිලාමඩුච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි ළමුන් දෙදෙනෙක්.
මදුරන්කුලිය දෙස සිට රණවිරු වසන්ත මාවත ඔස්සේ කුරුඤ්ඤංවැටිය දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ළමුන් දෙදෙනා ගමන් ගත් පාපැදිය ගැටී තිබෙනවා.
එම අවස්ථාවේ දී ළමුන් දෙදෙනා බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මදුරන්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



