ලොතරැයියෙන් දිනූ මුදල් ගන්න පුද්ගලයෙක් පැහැරගත් 4ක් අත්අඩංගුවට (වීඩියෝ)

රුපියල් කෝටි හත හමාරක ලොතරැයි දිනුමක් ඇදුණු බවට පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන පැමිණ පහරදෙමින් රඳවාගෙන සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මෙම පුද්ගලයා පැහැරගෙන පැමිණ දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින් වර සිර කර සිටියදී යි ගම්පොල විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සහ ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එම පුද්ගලයා බේරාගෙන ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා සිරකර ගෙන සිටි බවට පැවසෙන ලී මෝල් හිමියකු ඇතුළු 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සිරකරගෙන සිටින බවට විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව ගම්පොල විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුවීම තහවුරු කර ගෙන ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා බේරාගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ සිටියදී ගම්පොල ප්‍රදේශයෙන් ගිය 4 දෙනෙකු ඔහු පැහැරගෙන මෝටර් රථයක දමාගෙන පැමිණ ගම්පොල ප්‍රදේශයේ මෙලෙස සිර කරගෙන සිට ඇතැයි පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

එම පුද්ගලයා පවසන්නේ මෙම සැකකරුවන් තමාට පහර දී මුදල් ඉල්ලා සිටි බවයි. ලොතරැයි දිනුමෙන් ලැබූ මුදල් සඟවා ඇති ස්ථාන විමසමින් පහර දුන් බව ද ඔහු ප්‍රකාශ කළා.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා සහ මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අතර මුදල් ගනුදෙනු සම්බන්ධ ආරවුලක් ඇති බවයි.

පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා පවසන්නේ තමාට පහර දී සැකකරුවන් සමග කැමැත්තෙන් පැමිණ සිටින බවට ලිපියක් ලියා ගත් බවත් එය පොලිසියේ උපදෙස් මත සිදු කළ බව පහර දෙමින් තමාට පැවසූ බවයි.

තමාට ලොතරැයියෙන් ලැබුණු මුදල ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

පොලිසිය මේ පිළිබඳ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ එම මුදල් ලබාගත් පුද්ගලයා ජපානයට ගොස් ඇති බවටයි.

පසුගිය ජූලි මස 27 වනදා දඹුල්ලේ දී පැහැරගෙන රත්මල්කඩුව ප්‍රදේශයට රැගෙන ගොස් දින 6ක් ප්‍රධාන සැකකරුගේ නිවසේත් ඉතිරි දින කිහිපය ඔහුගේ මස්සිනා ගේ නිවසේත් මෙම පුද්ගලයා තබාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා පවසන්නේ කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග තමා ගනුදෙනු සිදු කර ඇති අතර ඔහුද මෙම ස්ථානයට පැමිණ රුපියල් කෝටි තුනක් ගත් බවට වැඩි මුදලක් දමා තමා ගෙන් ලිපියක් ලියා අත්සන් ලබා ගත් බවයි.

අනෙක් සැකකරුවන්ගෙන් ද තමා රුපියක් ලක්ෂ 90ක් ගත් බවට තමාගෙන් ලිපි ලියා ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පැහැර ගැනීම පිළිබඳව ගැටළු සහගත තැන් තැන් රැසක් ඇති බව පවසන ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන අතර අත්අඩංගුට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
4
+1
14
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58