සංචරණ සීමාවන් පැනවීම සිදු කරන්නේ කොරෝනා රෝගීන් වාර්තා වීම ගැන සිදුකරන ලද විශ්ලේෂණයකින් පසු වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
පවතින තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීම ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත් එම තීන්දු ගනු ලබන්නේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවත් ඇමතිවරයා පැවසීය.
‘ඒ තීරණය අද හවස හෝ හෙට වෙන්න පුළුවන්’ යයිද ඇමතිවරයා කියා සිටියේ රට පූර්ණ ලෙස වසා නොදමන්නේ මන්දැයි මාධ්‍යවේදියකු විසින් කළ විමසීමේ දී ය.
කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශ වලට පමණක් සංචරණ සීමා පැනවීම සිදුකරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.











big liars doing big business of poly trics with poor people of SL