AFC Banner
Empty Ad
Empty Ad

ලිදුලේ අනතුරක් – 08 දෙනෙකු රෝහලට

නුවරඑළිය සිට හැටන් බලා ධාවනය වෙමින් තිබු සුබෝපභෝගි බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් 08 දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු අංක CP 7214 සුබෝපභෝගි බස් රථය හා තලවාකැලේ සිට නුවරඑළිය දෙසට ධාවනය වෙමින් තිබු අංක NP 9168 දරණ ලොරි රථය ලිදුල ඩිමෝ මංසන්ධියේ දි එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව යි.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු 08 දෙනකු තුවාල ලබා තිබෙනවා.

ලිදුල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් 08 දෙනා අතරින් 04 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?