AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ සමාගමට තවත් බාල ගෑස් නැවක්

මෙරටට ගෑස් රැගෙන පැමිණි නෞකාවක ඇති ගෑස් තොගය ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබෙනවා. ඒ, එහි සාම්පල් පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවේ ඇති ගෑස් ප්‍රමිතියෙන් තොර බවයි අනාවරණ වී ඇත්තේ.

අදාළ ගෑස් නැවෙහි ඇති ගෑස්වල ගඳ සුවඳ දැනෙන ඊතයිල් මර්කැප්ටන් නැමති සංයුතිය අදාළ මට්ටමට නොමැති බවටයි ඊයේ අනාවරණ වූයේ.

ඒ, එම ගෑස් නැවෙන් ලබා ගත් ගෑස් සාම්පල සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවකදියි.

එමෙන්ම, එහි ප්‍රොපේන් සියයට 29ක් සහ බියුටේන් සියයට 69ක් පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද සාම්පල පරීක්ෂාවක දී අනාවරණ වී ඇත්තේ.

පෙරේ දා දිනයේ දී ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙටි්‍රක් ටොන් 3700ක් අඩංගු නෞකාවක් මෙරටට රැගෙන එනු ලැබූ අතර, ඉන් අනතුරුව යි අදාළ බලධාරීන් විසින් එහි සාම්පල ලබාගෙන තිබුණේ.

මෙම නෞකාව මෙරටට පැමිණ ඇති අතර එම මේ වන විට උස්වැටකෙයියාව හාල්දිය වත්ත මුහුදු තිරයේ නැංගුරම්ලා ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගෑස් නෞකාවේ අදාළ සාම්පලවල ප්‍රතිඵල අනුව වහාම එම නෞකාව ආපසු හරවා යවන බවයි සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?