ලිට්‍රෝ සමාගමට තවත් බාල ගෑස් නැවක්

මෙරටට ගෑස් රැගෙන පැමිණි නෞකාවක ඇති ගෑස් තොගය ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබෙනවා. ඒ, එහි සාම්පල් පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවේ ඇති ගෑස් ප්‍රමිතියෙන් තොර බවයි අනාවරණ වී ඇත්තේ.

අදාළ ගෑස් නැවෙහි ඇති ගෑස්වල ගඳ සුවඳ දැනෙන ඊතයිල් මර්කැප්ටන් නැමති සංයුතිය අදාළ මට්ටමට නොමැති බවටයි ඊයේ අනාවරණ වූයේ.

ඒ, එම ගෑස් නැවෙන් ලබා ගත් ගෑස් සාම්පල සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවකදියි.

එමෙන්ම, එහි ප්‍රොපේන් සියයට 29ක් සහ බියුටේන් සියයට 69ක් පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද සාම්පල පරීක්ෂාවක දී අනාවරණ වී ඇත්තේ.

පෙරේ දා දිනයේ දී ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙටි්‍රක් ටොන් 3700ක් අඩංගු නෞකාවක් මෙරටට රැගෙන එනු ලැබූ අතර, ඉන් අනතුරුව යි අදාළ බලධාරීන් විසින් එහි සාම්පල ලබාගෙන තිබුණේ.

මෙම නෞකාව මෙරටට පැමිණ ඇති අතර එම මේ වන විට උස්වැටකෙයියාව හාල්දිය වත්ත මුහුදු තිරයේ නැංගුරම්ලා ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගෑස් නෞකාවේ අදාළ සාම්පලවල ප්‍රතිඵල අනුව වහාම එම නෞකාව ආපසු හරවා යවන බවයි සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24