AFC Banner
Empty Ad
Empty Ad

ලැගුම්හලකට කැඳවාගෙන ගිහින් පාසල් සිසුවිය කෙළෙසලා

පාසල් සිසුවියක් ලැගුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක් සහ ලැගුම්හලේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

පාසල් සිසුවිය දූෂණය කිරීමේ චෝදනාව මත 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම මත ලැගුම්හල් කළමනාකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා දිවා සහ රාත්‍රි කාලයේ අවස්ථා දෙකක දී පානදුර වෙරළ ආසන්නයේ පිහිටි අදාළ ලැගුම්හලට පාසල් සිසුවිය කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ලැගුම්හලේ කළමනාකරු ඔවුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කිරීමකින් තොරව කාමර පහසුකම් සපායා ඇති බවයි පොලිසිය පවසන්නේ.

පාසල් සිසුවිය මේ වනවිට රෝහල් ගතකර ඇති අතර, සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
6
+1
4
+1
6
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?