ලැගුම්හලකට කැඳවාගෙන ගිහින් පාසල් සිසුවිය කෙළෙසලා

පාසල් සිසුවියක් ලැගුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක් සහ ලැගුම්හලේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

පාසල් සිසුවිය දූෂණය කිරීමේ චෝදනාව මත 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම මත ලැගුම්හල් කළමනාකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා දිවා සහ රාත්‍රි කාලයේ අවස්ථා දෙකක දී පානදුර වෙරළ ආසන්නයේ පිහිටි අදාළ ලැගුම්හලට පාසල් සිසුවිය කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ලැගුම්හලේ කළමනාකරු ඔවුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කිරීමකින් තොරව කාමර පහසුකම් සපායා ඇති බවයි පොලිසිය පවසන්නේ.

පාසල් සිසුවිය මේ වනවිට රෝහල් ගතකර ඇති අතර, සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11