භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 3දෙනෙකු මියගොස් තවත් 4දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කළා.
යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවට එලෙස ප්‍රහාර එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයින් 20දෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයින් 3ක් සිට තිබෙනවා.
ඒ අතරින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්, නේපාල ජාතිකයෙක්, වියට්නාම ජාතිකයින් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
එම නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බවත් යාත්‍රාව ගිනි ගනිමින් ඇති බවද අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළා.




