ලසන්ත වික්‍රමසිංහ නව පත්වීම එපා කියයි

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඒ බව ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශයට ලිපියකින් දැනුම්දී ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාව ඉතුක් 21 වනදා පත්කර තිබුණි.

ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

එම කාලය තුළ මිල්කෝ ආයතනය ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට ඔහුට හැකි විය.

කෙසේවෙතත් මිල්කෝ ආයතනයේ සභාපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඉකුත් 19 වනදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ මහතා එදිනම ප්‍රකාශ කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය.

ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා ඇමතීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කර තිබුණි.

පසුව ජනවාරි 20 වනදා මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත් කළ බව රජය නිවේදනය කළේය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04