ලයිට් බිල අඩුකිරීමේ යෝජනා අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩුකිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

පවතින වර්ෂාවත් සමඟ ජල විදුලි උත්පාදනය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 96% ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර 2024 ජනවාරි මාසයේ දී විදුලි බිල අඩුකිරීම සඳහා වූ යෝජනා සම්බන්ධයෙන් වාර්තාව පෙරේදා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ වාර්තාව සකස් කර තිබෙනවා.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පසු බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් මෙමඟින් විශේෂයෙන් යෝජනා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?