AFC Banner
AFC Banner
Empty Ad

ලබන 21,22 සහ 23 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ලබන 21, 22 සහ 23 යන දිනයන්වල දී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව බස්නාහිර, දකුණ, ඌව, සබරගමුව පළාත්වලට සන්ද්‍යා කාලයේ දී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙලස ඇතිවන වැසි පවතින උණුසුම් තත්ත්වය මගහැරීමට ප්‍රමාණවත් නොවන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ.

ශරීර උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර පවතින වෙනස ඉතා අඩු මට්ටමක පවතින තත්ත්වයක ශරීරයෙන් පිටවන තාප ශක්තිය ඉතා අවම අගයක පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට ලා පැහැති ඇඳුම් ඇදීම, නිතර ජලය පානය කිරීම සහ අධික වෙහෙස ගෙනෙන වැඩවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ කාලගුණ තත්ත්වයේ වෙනසක් පවතින බවත් දේශගුණික විපර්යාස මේ සඳහා හේතු වී ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
42
+1
97
+1
24
+1
72
+1
28
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?