ලබන 21,22 සහ 23 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ලබන 21, 22 සහ 23 යන දිනයන්වල දී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව බස්නාහිර, දකුණ, ඌව, සබරගමුව පළාත්වලට සන්ද්‍යා කාලයේ දී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙලස ඇතිවන වැසි පවතින උණුසුම් තත්ත්වය මගහැරීමට ප්‍රමාණවත් නොවන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ.

ශරීර උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර පවතින වෙනස ඉතා අඩු මට්ටමක පවතින තත්ත්වයක ශරීරයෙන් පිටවන තාප ශක්තිය ඉතා අවම අගයක පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට ලා පැහැති ඇඳුම් ඇදීම, නිතර ජලය පානය කිරීම සහ අධික වෙහෙස ගෙනෙන වැඩවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ කාලගුණ තත්ත්වයේ වෙනසක් පවතින බවත් දේශගුණික විපර්යාස මේ සඳහා හේතු වී ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14