ලබන සඳුදා සිට සියලු පාසල්වල වෙනසක්

මාර්තු 14 වන සඳුදා දිනයේ සිට පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් වෙත සිසුන් කැඳවීම සිසුන් සංඛ්‍යාව මත පදනම්ව සිදුකළ යුතු බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් ලබන 14 වන දින සිට සියලුම සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නවතම චක්‍රලේඛයෙන් දැනුම්දී ඇත.

කොවිඩ් වසංගතය හමුවේ පාසල් පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද එම චක්‍රලේඛයේ සඳහන්ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?