ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

පසුගිය සතියේ පාසල් පැවැත් වූ ආකාරයටම ලබන අගෝස්තු 01 වනදා සිට 05 වනදා දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසැල් පැවැත්වීමට නියමිත අතර බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදුකළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අගෝස්තු 01 වනදා සිට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (30) පැවති සාකච්ඡාවක මෙම තීරණයට එළඹ තිබෙනවා.

මේ අතර පාසල් පැමිණීමට ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා හා සිකුරාදා දිනවල ද පාසල් පැවැත්වීම කළ හැකියි.

සිසුන්ට සහ ගුරුවරුන්ට පහසු පරිදි නම්‍යශීලී කාලසටහනක් සැකසිය යුතු අතර, පළාත් ප්‍රවාහන අධිකාරිය පාසල් සේවය සඳහා වෙන් වූ පෞද්ගලික බස් රථ පාසල් සිසුන් ප්‍රවාහනයට යොදවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?