ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

පසුගිය සතියේ පාසල් පැවැත් වූ ආකාරයටම ලබන අගෝස්තු 01 වනදා සිට 05 වනදා දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසැල් පැවැත්වීමට නියමිත අතර බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදුකළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අගෝස්තු 01 වනදා සිට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (30) පැවති සාකච්ඡාවක මෙම තීරණයට එළඹ තිබෙනවා.

මේ අතර පාසල් පැමිණීමට ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා හා සිකුරාදා දිනවල ද පාසල් පැවැත්වීම කළ හැකියි.

සිසුන්ට සහ ගුරුවරුන්ට පහසු පරිදි නම්‍යශීලී කාලසටහනක් සැකසිය යුතු අතර, පළාත් ප්‍රවාහන අධිකාරිය පාසල් සේවය සඳහා වෙන් වූ පෞද්ගලික බස් රථ පාසල් සිසුන් ප්‍රවාහනයට යොදවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57