ලගදීම වාහන ආනයනයට ඉඩ ?

මෝටර් රථ ආනයනයට ඉඩ දෙන ලෙස ව්‍යාපාරිකයන් රජයෙන් යළි ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා ‌වේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ආනයන නතර කිරීම සමඟ පාවිච්චි කළ වාහනවල මිල දෙගුණ තෙගුණ වී ඇති බවයි.

ප්‍රථම වරට වාහනයක් මිලදී ගැනීමේ සිහිනයක සිටින ජනතාව මේ වන විට විශාල අර්බුදයකට මුහුණ දී ඇති බව ඔවුන් සදහන් කරයි.

පසුගිය දිනෙක විදුලියෙන් ධාවනය වන වාහන ගෙන්වන්නට ඉඩ දෙන බව ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එය ප්‍රකාශ කර තිබේ.

විනිමය පාලන පියවරක් වශයෙන් රජය වාහන ආනයන සීමා කර ඇත. වාහන නොගෙන්වන තීරණය එහි ප්‍රතිඵලයක් වී ඇත.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය රජයට වැඩිම බදු ආදායම ගෙන දෙන මාර්ගයක් බවයි.

වාහනයක වටිනාකම ඉක්මවා සියයට තුන්සියයක සිට එක්දහස් පන්සීය දක්වා බදු අය කරන අවස්ථා ද ඇති බව ඔවුන් සදහන් කරයි.
එමෙන්ම ගෙන්වන වාහන ලියාපදිංචියේදී සහ වාර්ෂික බලපත්‍ර ගාස්තුවලින් තවත් ආදායමක් ලැබේ.

මෝටර් රථ වෙළෙඳාම තුළ විශාල ව්‍යවසායකත්වයක් ඇති බව වාහන ආනයනයකරුවන් සදහන් කරයි.

වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය රටක වැදගත් අංශයක් බවත්, නිතිපතා පරිහරණය කරන වාහන හා භාවිතයෙන් ඉවත්වන වාහන ප්‍රමාණයක් ඇති බවයි.

ඒවා නිසි පරිදි කළමණාකරණය නොකළහොත් ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවත්, අබලි වාහන ධාවනයට නුසුදුසු බව වාහන ආනයනයකරුවන් පෙන්වා දෙයි.

රට තුළ වාහන මිලදී ගැනීම් සහ විකිණීම් කරන තවත් ව්‍යාපාරික ප්‍රජාවක් සිටින නමුත්, ඔවුන් සිදුකරන්නේ භාවිතා කරන වාහන විකිණීමේ මාෆියාවකි.

ඔවුන් තවත් මාස තුනක් හෝ හතරකින් යළි ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන බව සදහන් කරමින් අසත්‍ය ප්‍රචාර පතුර වන බවත්, ඒ හරහා වාහන හදිසියේ විකීමට අයිතිකරුවන් පොළඹවා ඒවා වැඩි මිලට අලෙවි කරමින් සිටින බව වාහන ආනයනයකරුවන් පෙන්වා දෙයි.

එයා ඉතා බරපතල තත්ත්වයක් බවත් ඉන් රජයට කිසිදු ලාභයක් නොමැති බව ද වාහන ආනයනයකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45