Empty Ad
AFC Banner
Empty Ad

ලක්ෂ 57000ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ආයතනයක ලොක්කො 12කට නොතීසි

රුපියල් ලක්ෂ 57,000ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන දෙකක සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරු 10 දෙනෙකුට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද (27) නොතිසි නිකුත් කළා.

වැඩි පොලියක් ලබාදෙන බව පවසමින් තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන ව්‍යාජ ප්‍රොමිසරි නෝට්ටු ලබා දී දිවයින පුරා පිහිටි ඔවුන්ගේ ශඛා මගින් මෙම මුල්‍ය වංචා සිදුකර ඇති බව මීගමුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දැනට පැමිණිලි 16 ක් ලැබී ඇති බවත් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරු දස දෙනෙකුට ප්‍රකාශ ලබා දිමට පොලිසියට පැමිනෙන ලෙස පැවසුවත් කෝසල සුරංග රණසිංහ නමැත්තා පමණක් පොලිසියට පැමිණි බවත් අන් කිසිවෙකු ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් නොවු බැවින් ඒ අය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියා.

ඒ අනුව මහින් ප්‍රියන්ත ගමගේ, හරිත් රැවන් රණසිංහ, සුගත් වසන්ත කුමාර, උදය පුෂ්පකුමාර, චන්දික බණ්ඩාර වීරකෝන් යන සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ සෙසු ආයතනයේ උදය රංජිත්, ලක්ෂ්මි මේනකා, මයුරපාද ගුණවංශ, වික්ටර් රාජමානර් (සභාපති) ශමිලා අරුනෝදනි, වසන්තා කුමුදුනි, විජිත ලොකුනාරංගොඩ යන අයට නොතීසි නිකුත් කෙරුණා.

අධිකරණයට ඉදිරිපත් වූ කෝසල සුරංග යන අය ලබන අප්‍රේල් 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටි අතර මීගමුව පොලිසියේ පොලිස් පරික්ෂක අබේනායක මහතා පැමිණිල්ල මෙහෙය වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
38
+1
2
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?