AFC Banner
AFC Banner
Empty Ad

ලක්ෂ 450ක මුදල් වංචාවට විරුද්ධව විමලා සහ උදයගේ නිවෙස් අසල දැවැන්ත විරෝධතාවක් (වීඩියෝ)

එප්පාවල කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන ගිය මරණාධාර සමිතියක රුපියල් ලක්ෂ 450ක මුදලක් එහි නිලධාරීන් විසින් වංචා කළ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරතවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අවමංගල්‍ය නිවසක් වෙත ලබාදීමට මුදල් නොමැති වීම හමුවේ කළ සොයා බැලීමකදී ගම්වාසීන්ට මෙම වංචාව පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි.

පසුව ඔවුන් අදාළ නිලධාරීන් දෙදෙනාගේ නිවෙස් වෙත විරෝධතා පුවරු රැගෙන පා ගමනින් ගොස් විරෝධය පළකර පොල් ගසා තිබෙනවා.

මරණාධාර සමිතියේ සාමාජිකයෙකු ඊයේ (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය යුතු පාරිතෝෂික මුදල් ගෙවීමට සමිතියේ මුදල් නොමැති වීම හේතුවෙන් හදිසි මහ සභා රැස්වීමක් අද (01) කැඳවා තිබුණා.

එහිදී සමිතිය සතුව තිබූ රුපියල් ලක්ෂ 450කට වැඩි මුදලක් නිලධාරීන් විසින් වංචා කර ඇති බවට සමිතියේ සාමාජිකයින් චෝදනා කළ අතර, අදාළ වංචාවන් සිදු කළ නිළධාරීන්ගේ නිවෙස් වෙත ගොස් සමිතියේ මුදල් ඉල්ලා උද්ඝෝෂණය කිරීමටයි සමිතියේ සාමාජිකයින් යෝජනා කර ඇත්තේ.

ඒ අනුව සමිතියේ 500කට ආසන්න සාමාජික පිරිසක් පා ගමනින් ගොස් සමිතියේ සභාපති ධූරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාවගේ නිවස ඉදිරිපිටට සටන් පාඨ කියමින්, රතිඤ්ඤා දල්වමින් සමිතියෙන් වංචා කළ මුදල් ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ නිවසේ නිවැසියන් කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණි අතර, විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයෙහි නිරත වී අනතුරුව එම සමිතියේ ණය කමිටුවේ සභාපති ධූරය හොබවන තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහගේ නිවස අසලට පා ගමිනින් පැමිණ විරෝධතාවයෙහි නිරත වුණා.

එම නිවසේ ද දොරගුළු ලා තිබූ අතර, කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට පැමිණ තිබුණේ නැහැ.

අනතුරුව විරෝධතාකරුවන් එම නිවස ඉදිරිපිටද රතිඤ්ඤා දල්වා පොල් ගැසූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

වංචාවන් සිදු කළ බවට චෝදනා එල්ල වන නිලධාරීන්ගේ නිවාස පිහිටි භූමියට ඇතුළු නොවී, ඔවුන්ගේ දේපළවලටද හානි සිදු නොකර මෙම පිරිස විරෝධතාවයෙහි නිරත වූ අතර, විරෝධතාකරුවන් කියා සිටියේ සමිතියෙන් වංචා කළ මුදල් ඔවුන්ගෙන් ලබා ගන්නා තුරු මෙම අරගලය අත් නොහරින බවයි.

අදාළ ස්ථානයන්හී ආරක්ෂාව සඳහා එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ද පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?