ලක්ෂ 450ක මුදල් වංචාවට විරුද්ධව විමලා සහ උදයගේ නිවෙස් අසල දැවැන්ත විරෝධතාවක් (වීඩියෝ)

එප්පාවල කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන ගිය මරණාධාර සමිතියක රුපියල් ලක්ෂ 450ක මුදලක් එහි නිලධාරීන් විසින් වංචා කළ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරතවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අවමංගල්‍ය නිවසක් වෙත ලබාදීමට මුදල් නොමැති වීම හමුවේ කළ සොයා බැලීමකදී ගම්වාසීන්ට මෙම වංචාව පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි.

පසුව ඔවුන් අදාළ නිලධාරීන් දෙදෙනාගේ නිවෙස් වෙත විරෝධතා පුවරු රැගෙන පා ගමනින් ගොස් විරෝධය පළකර පොල් ගසා තිබෙනවා.

මරණාධාර සමිතියේ සාමාජිකයෙකු ඊයේ (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය යුතු පාරිතෝෂික මුදල් ගෙවීමට සමිතියේ මුදල් නොමැති වීම හේතුවෙන් හදිසි මහ සභා රැස්වීමක් අද (01) කැඳවා තිබුණා.

එහිදී සමිතිය සතුව තිබූ රුපියල් ලක්ෂ 450කට වැඩි මුදලක් නිලධාරීන් විසින් වංචා කර ඇති බවට සමිතියේ සාමාජිකයින් චෝදනා කළ අතර, අදාළ වංචාවන් සිදු කළ නිළධාරීන්ගේ නිවෙස් වෙත ගොස් සමිතියේ මුදල් ඉල්ලා උද්ඝෝෂණය කිරීමටයි සමිතියේ සාමාජිකයින් යෝජනා කර ඇත්තේ.

ඒ අනුව සමිතියේ 500කට ආසන්න සාමාජික පිරිසක් පා ගමනින් ගොස් සමිතියේ සභාපති ධූරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාවගේ නිවස ඉදිරිපිටට සටන් පාඨ කියමින්, රතිඤ්ඤා දල්වමින් සමිතියෙන් වංචා කළ මුදල් ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ නිවසේ නිවැසියන් කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණි අතර, විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයෙහි නිරත වී අනතුරුව එම සමිතියේ ණය කමිටුවේ සභාපති ධූරය හොබවන තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහගේ නිවස අසලට පා ගමිනින් පැමිණ විරෝධතාවයෙහි නිරත වුණා.

එම නිවසේ ද දොරගුළු ලා තිබූ අතර, කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට පැමිණ තිබුණේ නැහැ.

අනතුරුව විරෝධතාකරුවන් එම නිවස ඉදිරිපිටද රතිඤ්ඤා දල්වා පොල් ගැසූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

වංචාවන් සිදු කළ බවට චෝදනා එල්ල වන නිලධාරීන්ගේ නිවාස පිහිටි භූමියට ඇතුළු නොවී, ඔවුන්ගේ දේපළවලටද හානි සිදු නොකර මෙම පිරිස විරෝධතාවයෙහි නිරත වූ අතර, විරෝධතාකරුවන් කියා සිටියේ සමිතියෙන් වංචා කළ මුදල් ඔවුන්ගෙන් ලබා ගන්නා තුරු මෙම අරගලය අත් නොහරින බවයි.

අදාළ ස්ථානයන්හී ආරක්ෂාව සඳහා එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ද පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?