විදේශ රටක රැකියාවක් ලබාදෙන බවට පවසා පුද්ගලයන් 05 දෙනෙකුගෙන් වංචනික ලෙස ලක්ෂ 30කට අධික මුදලක් ලබා ගත් කාන්තාවක් පිළිබද රක්වාන පොලිසිය වෙතට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
සිදුකළ විමර්ශනයන්ට අනුව අදාළ කාන්තාව මේ වනවිට ඇය පදිංචිව සිටි ලිපිනය හැරගොස් සිටින බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව එම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහය අපේක්ෂා කරනු ලබනවා.
කන්දගම, පොතුපිටිය පාර, රක්වාන යන ලිපිනයේ පදිංචිව සිට ඇති ඇය හර්ෂනී ප්රියන්තිකා නම් වයස අවුරුදු 40ක කාන්තාවක් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1





