ලක්ෂ 08කට වැඩි මුදල් සහ රන් ආභරණ සොරාගත් අඹුසැමි යුවළක් කොටු

රුපියල් ලක්ෂ 08කට අධික මුදල් සහ රන් ආභරණ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (13) උදෑසන මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක පෙරේදා (12) දිනයේ මෙම සොරකම සිදුව ඇති බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

සැකකාරිය, සැමියා සමඟ ආරවුලක් ඇති වූ බව පවසා පැමිණිලිකාරියගේ හිතවත්කමක් මත ඇයගේ නිවසේ දින කිහිපයක් නැවතී සිට තිබෙනවා.

එහිදී පසුගිය 12 වනදා එම නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ දී සැකකාරිය සිය සැමියා සමඟ එක්ව මෙම සොරකම සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර අඹුසැමි යුවළ 26 සහ 33 යන වයස්වල පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචි අය බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
2
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?