ඇමති ලාල් කාන්තගේ වනචාරී කතාවට මිහින්තලේ හිමි CID යයි (වීඩියෝ)

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත විසින් සිදුකරන ලද ප්‍රකාශයට එරෙහිවපැමිණිල්ලක් සිදුකිරීමට ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

කේ.ඩී ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනක දී ‘මිහින්තලේ වනචාරියා’ ලෙස පවසමින් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අගමැතිනිය පිළිබඳව වැඩිපුර කතාකරන්නේ ආගමික නායකයන් බවයි.

ආගමික නායකයන් අගමැතිනිය පිළිබඳව බොහෝ දේ දන්නා බව පෙනෙන්නේ යැයි ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.

“අගමැතිනිය ගැන කතාකරන අය දිහා බැලුවහම, ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා. තනිකර කතාකරන්නේ කුණුහරුප, ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අධ්‍යාපන පරිවර්තනයක් කියන්නේ කුනුහරුපයක් කියලා. අගමැතිතුමියට බනිනවා කුණුහරුපෙන්”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31