ලක්ෂ 08කට වැඩි මුදල් සහ රන් ආභරණ සොරාගත් අඹුසැමි යුවළක් කොටු

රුපියල් ලක්ෂ 08කට අධික මුදල් සහ රන් ආභරණ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (13) උදෑසන මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක පෙරේදා (12) දිනයේ මෙම සොරකම සිදුව ඇති බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

සැකකාරිය, සැමියා සමඟ ආරවුලක් ඇති වූ බව පවසා පැමිණිලිකාරියගේ හිතවත්කමක් මත ඇයගේ නිවසේ දින කිහිපයක් නැවතී සිට තිබෙනවා.

එහිදී පසුගිය 12 වනදා එම නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ දී සැකකාරිය සිය සැමියා සමඟ එක්ව මෙම සොරකම සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර අඹුසැමි යුවළ 26 සහ 33 යන වයස්වල පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචි අය බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40