AFC Banner
AFC Banner
Empty Ad

ලක්ෂ තුනක හොර බීඩි අධිවේගයෙන් යද්දී කොටුවෙයි

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බීඩි තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බන්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

සැකකරු සමඟ බීඩි 36000 මෙන්ම ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ ප්‍රසිද්ධ බීඩි නිෂ්පාදන සමාගමක නාමය සහ ලාංඡනය යොදාගෙන ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද බීඩි තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රදේශයට ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අකුරැස්ස ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථය ගැලනිගම අධිවේගී පිවිසුමෙන් පිටතට පැමිණීමේදී අධිවේගී පිවිසුම අසල රැක සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු පදවාගෙන පැමිණි මෝටර් රථය නවතා පරික්ෂා කිරීමේදී මෝටර් රථයේ ඩිකියේ සඟවා තිබූ මෙම බීඩි තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පානදුර ප්‍රදේශයට මේවා ප්‍රවාහනය කරන බවට දැනගන්නට ලැබුණු බව පොලීසිය කියයි.

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද මෙම බීඩි බැලූ බැල්මට කිසිදු වෙනසක් නොපෙනෙන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව බුද්ධිමය දේපල යටතේ නඩු පැවරීමට කටයුතු යොදා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?