ලක්ෂ තුනක හොර බීඩි අධිවේගයෙන් යද්දී කොටුවෙයි

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බීඩි තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බන්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

සැකකරු සමඟ බීඩි 36000 මෙන්ම ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ ප්‍රසිද්ධ බීඩි නිෂ්පාදන සමාගමක නාමය සහ ලාංඡනය යොදාගෙන ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද බීඩි තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රදේශයට ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අකුරැස්ස ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථය ගැලනිගම අධිවේගී පිවිසුමෙන් පිටතට පැමිණීමේදී අධිවේගී පිවිසුම අසල රැක සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු පදවාගෙන පැමිණි මෝටර් රථය නවතා පරික්ෂා කිරීමේදී මෝටර් රථයේ ඩිකියේ සඟවා තිබූ මෙම බීඩි තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පානදුර ප්‍රදේශයට මේවා ප්‍රවාහනය කරන බවට දැනගන්නට ලැබුණු බව පොලීසිය කියයි.

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද මෙම බීඩි බැලූ බැල්මට කිසිදු වෙනසක් නොපෙනෙන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව බුද්ධිමය දේපල යටතේ නඩු පැවරීමට කටයුතු යොදා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17