එක්සත් ජනපදය සහ කැනඩාවට බලපා ඇති හිම කුණාටුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
මිලියන 80 කට වැඩි ජනතාවක් මෙලෙස කාලගුණය නිසා පීඩාවට ලක්ව ඇති බව සඳහන්. ඇතැම් අග්නිදිග ප්‍රාන්තවල 145,000 කට වැඩි පිරිසක් විදුලිය නොමැතිව සිටින අතර ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර තිබෙන බවයි පැවසෙන්නේ
වර්ජිනියා, ජෝර්ජියා සහ උතුරු සහ දකුණු කැරොලිනා යන ප්‍රදේශවලට හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ, නිලධාරීන් බොහෝ ප්‍රදේශවලට කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1