AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂයකින් 991 දෙනෙකු ආසාදිතයන් වෙයි..

2022 පෙබරවාරි වනවිට රටේ සමස්ත ජනගහනයටම කොවිඩ්-19 එන්නත් කිරීම අවශ්‍ය කරන යුරෝපයේ පළමු වැනි රට බවට ඔස්ට්‍රියාව පත්වනු ඇත.

ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණක් මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති අතර, එය ලැජ්ජාවට පත්විය යුතු පහත් තත්ත්වයක් බව එරට චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් විස්තර කළේය.

විශේෂයෙන්ම එය බටහිර යුරෝපයේ අඩුම එන්නත් අනුපාතයන්ගෙන් එකක් වන අතර, මේ තත්ත්වය තුළ ආසාදන ඉහළ යමින්, පසුගිය දින හතක කාලයේදී ජනගහනය 100,000කට ආසාදිතයන් 991ක් වාර්තා විය.

පවතින තත්ත්වය තුළ සඳුදා දිනයේ සිට එරට යළිත් අගුලු දැමීමක් සිදුවන අතර, එය දින 20කින් පසුව යළි ඇගයීමක් කර, පසුව තවත් දින 10කින් යළි ඇගයීමක් සිදුවනු ඇත.

අගුලු දැමීම යන්නෙන් අදහස් කරන්නේ රැකියාවට යාම, අත්‍යවශ්‍ය දේ සඳහා සාප්පු යාම සහ ව්‍යායාම කිරීම වැනි අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් හැරුණු විට මිනිසුන්ට තවදුරටත් තම නිවෙස්වලින් පිටවීමට අවසර නොදීමයි. හැකි නම් තම දරුවන් නිවසේ තබා ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියද පාසල් විවෘතව පවතිනු ඇති බවද කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?