ලක්ෂයකින් 991 දෙනෙකු ආසාදිතයන් වෙයි..

2022 පෙබරවාරි වනවිට රටේ සමස්ත ජනගහනයටම කොවිඩ්-19 එන්නත් කිරීම අවශ්‍ය කරන යුරෝපයේ පළමු වැනි රට බවට ඔස්ට්‍රියාව පත්වනු ඇත.

ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණක් මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති අතර, එය ලැජ්ජාවට පත්විය යුතු පහත් තත්ත්වයක් බව එරට චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් විස්තර කළේය.

විශේෂයෙන්ම එය බටහිර යුරෝපයේ අඩුම එන්නත් අනුපාතයන්ගෙන් එකක් වන අතර, මේ තත්ත්වය තුළ ආසාදන ඉහළ යමින්, පසුගිය දින හතක කාලයේදී ජනගහනය 100,000කට ආසාදිතයන් 991ක් වාර්තා විය.

පවතින තත්ත්වය තුළ සඳුදා දිනයේ සිට එරට යළිත් අගුලු දැමීමක් සිදුවන අතර, එය දින 20කින් පසුව යළි ඇගයීමක් කර, පසුව තවත් දින 10කින් යළි ඇගයීමක් සිදුවනු ඇත.

අගුලු දැමීම යන්නෙන් අදහස් කරන්නේ රැකියාවට යාම, අත්‍යවශ්‍ය දේ සඳහා සාප්පු යාම සහ ව්‍යායාම කිරීම වැනි අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් හැරුණු විට මිනිසුන්ට තවදුරටත් තම නිවෙස්වලින් පිටවීමට අවසර නොදීමයි. හැකි නම් තම දරුවන් නිවසේ තබා ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියද පාසල් විවෘතව පවතිනු ඇති බවද කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14