AFC Banner
AFC Banner
Empty Ad

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවයි.

එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් පත්කර ඇති බව අදාල ට්විටර් සටහනේ සඳහන්.

විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව හමුවේ පසු ගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු පිළිබඳව දැඩි අවදානයක් යොමු වුණා.

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ පසු ගියදා එම ප්‍රකාශය සිදුකළ අතර, පසුව ඔහු ලිපියක් මඟින් කෝප් කමිටුවට දන්වා තිබුණේ ඉන්දීය අගමැතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවයි.

කෝප් කමිටුවේ දී තමා විසින් කරන ලද පැහැදිලි කිරීමේ දී තිබූ පීඩනය සහ හැගීම් හේතුවෙන් අදාළ ප්‍රකාශය කිරීමට සිදුවූ බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?