ලංගම බස් රැසක් කොට උඩ 

ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රැසක් ධාවනයෙන් ඉවත්කර තැබීමට සිදුව ඇතැයි වාර්තා වේ. ඒ අමතර කොටස් හිඟවීම හේතුවෙන්.ගොඩකවෙල ඩිපෝව මගින් ධාවනය කළ පාසල් බස් රථ 05ක් නතර කර ඇතැයි ද ඒ ආකාරයෙන් බොහෝ ඩිපෝවල අමතර කොටස් හිඟය නිසා බස් රථ රැසක් ධාවනයෙන් ඉවත්කර ඇතැයි ද ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ඩිපෝවේ බස් රථ පහට අවශ්‍ය එන්ජින්, ගියර් බොක්ස්වල අමතර කොටස් නොමැති නිසා එම බස් රථ ධාවනයෙන් ඉවත්කර තිබෙන බවත්, ඉන් බස් කිහිපයක එන්ජින් සහ ගියර් බොක්ස් ඇතුළු අමතර කොටස් කිහිපයක් සවිකරමින් සිටින බවත් උසස් නිලධාරියෙක් පැවසීය.ලංගමයට එකම කාලයක ගෙනා බස් රථ රැසක මේ තත්ත්වය පවතින බවත්, අමතර කොටස් ගෙනඒම සඳහා ආගමන විගමන පාලකවරයාගෙන් ලංගම සභාපතිවරයා ලිඛිතව ඉල්ලීම් කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

බස් රථවල ටයර්, ටියුබ්, බැටරි ප්‍රශ්නය විසඳා තිබෙන බවත් අමතර කොටස් ගෙන්වා ධාවනයෙන් ඉවත් කර තිබෙන බස් රථ ද අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46