ලංගම-පුද්ගලික බස්රථ ගැටී සිදුවූ අනතුරින් 4 ක් රෝහලේ

වැලිමඩ-නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොල දඔගහපල්ලම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වැලිමඩ-බොරලන්ද මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් වැලිමඩ දෙස සිට පැමිනි කැප්පෙටිපොල ඩිපෝවට අයත් බස් රථයක ගැටීමෙන් මෙම අණතුර සිදුව තිබෙනවා.අණතුරින් තුවාල ලබා ඇත්තේ පුද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව් දෙනෙකු වන අතර ඔවුන් ප්‍රථිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරින් බස් රථ දෙකටම හානි සිදුව ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරති.

සිද්ධිය පිළිබදව වැලිමඩ පොලීසිය වැඩිදුර පරීක්ෂන සිදු කරති.

Snapshot 24
Snapshot 31
1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?