ලංකාව ‘අඩු ආදායම්’ගොඩට දාන්න ඉන්දියාව සැරසෙයි

ශ්‍රී ලංකාව නැවත ‘අඩු ආදායම්ලාභී රටක්’ ලෙස තාවකාලිකව වර්ග කරන ලෙස ඉන්දියාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වෙතින් ඉල්ලා ඇත. ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් පෙන්වා දී ඇත්තේ මෙලෙස ශ්‍රී ලංකාව නැවත අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ග කිරීම මගින් රටේ උද්ගතව පවතින උග්‍ර මූල්‍ය අර්බුදය හමුවේ බහුපාර්ශ්වීය ණය ලබාගැනීමට පහසු වනු ඇති බවයි.

2020 වසර ආරම්භයේදී කොවිඩ් – 19 වසංගතය ආරම්භ වන වකවානුවේ ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස වර්ග කෙරිණි. මුදල් ඇමැතිනී සීතාරාමන් IMF සහ ලෝක බැංකුව වෙත පෙන්වා දී ඇත්තේ වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇතුළු ආදායම් මාර්ග රැසක් අහිමි වී ඇති බැවින් දැන් ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ග කිරීම ඔස්සේ රටට උපකාර කිරීමට පහසු වනු ඇති බවයි. කොවිඩ් වසංගතය හමුවේ ලෝක බැංකුව සිය අඩු ආදායම්ලාභී රටවල් ලැයිස්තුවේ ඇති රටවල් 73 කට ණය සහ පැකේජයක් යටතේ පහසුකම් රැසක් ලබාදෙනු ලැබීය. එහෙත් ඒ වනවිටත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන කාණ්ඩයේ පසුවූ බැවින් ශ්‍රී ලංකාවට එම සහනය අහිමි විය. කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකාව නැවත අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ග කිරීම ඔස්සේ රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පහසු වනු ඇති බවද ඉන්දියාව පෙන්වා දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40