AFC Banner
Empty Ad
Empty Ad

රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඔහු වයඹ පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇතැයි එම වාර්තාවන්හි සඳහන් ය.

රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇතැම් අවස්ථාවල මැදිහත් වෙමින් සිටින්නේ එම බලාපොරොත්තුවෙන් බවත් පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී රෝහල් අඩුපාඩු විමසා ඒවා ලබා දීමත් එහි මුල් පියවරක් යයි ද සඳහන් ය.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් හිටපු මහ ඇමැති සහ වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද තමන් මහ ඇමැති ධුරයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඒ පිළිබඳ ලැබුණු දුරකථන ඇමතුම් රාශියකින් පසුව බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?