රෝහිත්ගේ දැවීයාම සැමරූ පුද්ගලයෙක්ව මිතුරා ඝාතනය කරලා

අසල්වැසි ඉන්දියාව තුළ පුවත් මවන තරගාවලියක් බවට මේ වනවිට අයි.පී.එල් තරගාවලිය පත්ව තිබෙනවා.

මේ දිනවල ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ සිදුවීම් අතුරින් පළමු පුද්ගල ඝාතනය පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය ඊයේ (01) වාර්තා කර තිබුණා.

පසුගිය දා පැවති මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය (පසුගිය 27 වනදා පැවති තරගය) අතර තුර මෙම පුද්ගල ඝාතනය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් හිටපු නායක රෝහිත් ශර්මාගේ දැවීයාම සැමරූ පුද්ගලයෙක්ව ඔහුගේ මිතුරා විසින් පහර දී ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොල්හාපූර් නගරයේ අනුමන්ත්වාඩි ගම්මානයේ පදිංචි බන්ධොපාන්ද් තිබිලේ නැමැති 63 හැවිරිදි පුද්ගලයෙක් 50 හැවිරිදි බලවන්ත් ජන්ජේ නැමැති තවත් මිතුරෙකු සමඟ මෙම තරගය නැරඹීම සඳහා වෙනත් මිතුරෙකුගේ නිවසකට ගොස් තිබෙනවා.

එහිදී මොවුන් තිදෙනාම එක්ව තරගය නරඹා ඇති අතර තරගයේ දී රෝහිත් ශර්මා ලකුණු 26කට දැවියාමෙන් පසු 63 හැවිරිදි තිබිලේ එම සතුට සමරා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට කෝපයට පත් වූ රෝහිත් ශර්මාගේ දැඩි රසිකයෙක් වූ ජන්ජේ නැමැති පුද්ගලයා තිබිලේට පහර දී ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
18
+1
4
+1
3
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?