තිස්සමහාරාම, ගල්කණු මංඩිය ප්රදේශයේ මාර්ගයක තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ (29) අලුයම මෙම පුද්ගලයා මාර්ගයේ වැටී සිටියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව පොලිස් නිලධාරීන් විසින් වහාම ඔහු තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී සිදුකළ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයා තිස්සමහාරාම, මහසෙන්පුර ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.
මොහු පසුගිය 28 වනදා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි අයෙක් වන අතර, ඔහු ඊයේ (29) අලුයම් කාලයේ අනවසරෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




