රෝහලෙන් පැනගිය පුද්ගලයා මහ මඟ මැරී වැටී සිටිය දී සොයාගෙන

තිස්සමහාරාම, ගල්කණු මංඩිය ප්‍රදේශයේ මාර්ගයක තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ (29) අලුයම මෙම පුද්ගලයා මාර්ගයේ වැටී සිටියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් වහාම ඔහු තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී සිදුකළ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා තිස්සමහාරාම, මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු පසුගිය 28 වනදා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් වන අතර, ඔහු ඊයේ (29) අලුයම් කාලයේ අනවසරෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06