රෝහල් ගත වූ කාන්තාවකගේ ගර්භාෂයේ වීදුරු බෝතල් දෙකක් – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අධික රුධිරය වහනය වන බව පවසමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ඉවත් කිරීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

තමන්ට අධික ලෙස රුධිරය වහනය වන බව පවසමින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් පෙරේදා (09) වනදා මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබෙනවා.

ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ සාදයක් පැවති බවත්, එම අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිටි තමන්ව පුද්ගලයින් දෙදෙනෙකු විසින් දූෂණය කළ බවත් රෝහල් ගතකළ කාන්තාව වෛද්‍යවරුන්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකළ කාන්තාවගේ සිදුකළ ස්කෑන් පරික්ෂාවක දී ඇයගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇති අතර, පසුව ඇයට සිදුකරන ලද ශල්‍යකර්මයක දී එම බෝතල් දෙක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

අදාළ කාන්තාව දූෂණය කළ බව කියන නාත්තන්ඩිය, පිලාකටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් සහ ඒ සදහා අනුබල දුන් බව කියන කාන්තාවක් මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් ගත වී සිටින කාන්තාව සේවය කළ බව කියන ආයතනයේ හිමිකාරිය සහ එහි සේවකයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඉකුත් 01 වනදා පැවති සාදයේ දී රෝහල් ගත වී සිටින කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව විමර්ශන වල දී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
44
+1
101
+1
45
+1
34
+1
6
+1
43
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?